පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය.
මෙසේ අමාසා යූදා මනුෂ්‍යයන් අඬගස්වාගන එන්ට ගොස් ඔහුට නියමකළ කාලයට වඩා ප්‍රමාදවිය.
නුඹ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී නුඹ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.
යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය.
ඔහු ළමයාට කථාකොට: නුඹ දුවගොස්, මා විසින් විදින ඊගස් සොයාගන එන්නැයි කියා, ළමයා දුවද්දී ඔහුට එහායින් යන්ට ඊගහක් විද්දේය.