නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය.
ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
එබැවින් නුඹ පිටත්ව නුඹේ ගෙදරට යන්න. නුඹේ පාද නුවර ඇතුලේ තබනකොටම ළමයා මැරෙනවා ඇත.
රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.
මේ ලකුණු නුඹට පැමිණි කල නුඹ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක.
මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන නුඹට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ නුඹේ ඇස් ක්ෂයවී යන්ටත් නුඹේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. නුඹේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත.
මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි.
දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණේය; ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මැරුම්කෑවෝය.
පණිවිඩකාරයා උත්තර දෙමින්: ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙන් පලාගියෝය, සෙනඟ අතරේ මහත් නාස්තියක්ද වුණේය, ඔබගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නීද පීනෙහාස්ද මළෝය, දෙවියන්වහන්සේගේ පෙට්ටියත් අසුවුණායයි කීවේය.
දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්‍රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.
ඕතොමෝ: දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ හෙයින් තේජස ඉශ්‍රායෙල් කෙරෙන් පහව ගියේයයි කීවාය.