තවද ඔහුගේ මෑණියෝ ඇගේ පුරුෂයා සමඟ අවුරුදු පූජාව ඔප්පුකරන පිණිස එන කල අවුරුද්දෙන් අවුරුද්ද ඔහුට කුඩා යට ඇඳුමක් සාදාගන ආවාය.
අවුරුද්දට තුන් වරක් මට මංගල්‍යයක් පවත්වන්න.
ඒඵොද් සැට්ටයට අයිති සළුව මුළුල්ලම නිල් පැහැයෙන් සාදන්න.
එල්කානා නම් මනුෂ්‍යයාද ඔහුගේ මුළු පවුලද අවුරුදු පතා කරන පූජාවත් තමාගේ බාරයත් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස නික්ම ගියෝය.
ඒ මනුෂ්‍යයා ෂිලෝහිදී සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ටත් පූජාකරන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද තමාගේ නුවර සිට නික්ම ගියේය. එහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝවූ හොප්නී සහ පීනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියෝය.