ඉදින් ඒ මනුෂ්‍යයා ඔහුට කථාකොට: දැන්ම තෙල දවනවා ඇත, එවිට සිතේ ආශාවේ පමණටම ගනින්නැයි ඔහුට කීවේ නම්, ඔහු: එසේ නොව නුඹ දැන්ම දෙන්ට ඕනෑය. නැත්නම් බලාත්කාරයෙන් ගන්නෙමියි කියන්නේය.
නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.
පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.
මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: නුඹ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් නුඹලාට විරුද්ධව එන්ට පුළුවන, එවිට නුඹේ ජීවිතයද නුඹේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.
එසේය, තෙල දවන්ටත් පළමුවෙන් පූජකයාගේ වැඩකාරයා ඇවිත් පූජාකරන මනුෂ්‍යයාට කථාකොට: පූජකයාට පුලුස්සන්ට මස් දෙන්න; මක්නිසාද ඔහු අමු මස් මිස උයාපු මස් නුඹෙන් පිළිනොගන්නේයයි කීය.
මෙසේ ඒ තරුණයන්ගේ පාපය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉතා මහත්ව තිබුණේය. මක්නිසාද මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ පූජාව සුළුකොට සිතුවෝය.