මා සමඟ සටන් කොට මා මරන්ට ඔහුට පුළුවන්වුණොත්, අපි නුඹලාගේ මෙහෙකරුවෝ වන්නෙමුව. නුමුත් මා ඔහුගෙන් ජයගෙන ඔහු මැරුවොත්, නුඹලා අපේ මෙහෙකරුවන්ව අපට සේවයකරන්ට ඕනෑයයි කීවේය.
නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝද මහනායිම් සිට පිටත්ව ගිබියොන්ට ගියෝය.
එවිට අම්මොනිය නාහාෂ් ඇවිත් යාබෙෂ්-ගිලියද්ට විරුද්ධව කඳවුරු බැන්දේය. යාබෙෂ්හි සියලු මනුෂ්‍යයෝ: අප සමඟ ගිවිසුමක් කළ මැනවි, එවිට අපි ඔබට මෙහෙකරන්නෙමුයයි නාහාෂ්ට කීවෝය.
තවද ඒ පිලිස්තියයා: මම ඉශ්‍රායෙල් සේනාවන්ට අද දවසේ මිගකියමි; මා සමඟ සටන් කරන්ට මනුෂ්‍යයෙක් දෙන්නැයි කීවේය.