ඔහුගේ පාදවල පිත්තල වැසුම් තිබුණේය, ඔහුගේ පිටිකරෙහි පිත්තලමය කුඩා හෙල්ලයක් තිබුණේය.
සාලමොන් රජතෙමේ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට රන් ෂෙකෙල් හසියයක් ගියේය.
සාලමොන් රජ තළාපු රනින් පලිස් දෙසියයක් සෑදුවේය. එක එක පලිහට තලාපු රන් ෂෙකෙල් හසියයක් ඇල්ලුවේය.
එවිට දාවිත්: තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය. මම වනාහි තා නින්දාකළ ඉශ්‍රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ නාමයෙන් තා ළඟට එමි.
ඔහුගේ හිසෙහි පිත්තල තොප්පියක් තිබුණේය, ඔහු ලෝහ හැට්ටයක් පැළඳගෙන සිටියේය; සැට්ටයේ පිත්තලවල බර ෂෙකෙල් පන්දහසක්ය.