Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 17:56

Sinhala Revised Old Version

රජ තෙමේද: මේ තරුණයා කාගේ පුත්‍රයාද කියා අසන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

3 හුවමාරු යොමු  

සාවුල්ද: මේ පිලිස්තියාට විරුද්ධව ගොස් ඔහු සමඟ සටන්කරන්ට නුඹට බැරිය. මක්නිසාද නුඹ තරුණයෙක්ය, ඔහු වනාහි තරුණ වයස පටන් යුද්ධකාරයෙක්ව සිටින්නෙකැයි දාවිත්ට කීවේය.

දාවිත් පිලිස්තියයාට විරුද්ධව පිටත්ව යනවා සාවුල් දැක සේනාවේ අධිපතියාවූ අබ්නේර්ට කථාකොට: අබ්නේර්, මේ තරුණයා කාගේ පුත්‍රයාදැයි ඇසුවේය. අබ්නේර්: රජ්ජුරුවනි, ඔබගේ ප්‍රාණය ජීවත්වන බව සැබෑවා සේම මම නොදනිමියි කීවේය.

දාවිත් පිලිස්තියයා මරා හැරී එනකල අබ්නේර් ඔහු කැඳවාගෙන සාවුල් ඉදිරියට ගියේය, පිලිස්තියයාගේ හිසද ඔහුගේ අතේ තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්