තවද පිලිස්තියයා නැගිට දාවිත්ට විරුද්ධව ළංවෙද්දී දාවිත් ඉක්මන්කොට පිලිස්තියයාට විරුද්ධව සේනාව දෙසට දුවගොස්,
ස්වාමීන්වහන්සේ මාගේ ආලෝකයත් ගැළවීමත්ය; මම කාට භයවන්නෙම්ද? ස්වාමීන්වහන්සේ මාගේ ජීවිතයේ ශක්තියය; මම කාට භීතවන්නෙම්ද?
සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත්, මාගේ සිත භය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත්, එකල්හිත් මම සුරක්ෂිතව සිටින්නෙමි.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
මල්ලේ අතදමා එයින් ගලක් අරන්, ඒක ගල්පටියෙන් විද්දේය; ඒ ගල පිලිස්තියයාගේ නළලට වැදී ඔහුගේ නළලේ ගිලී ඔහු මුහුණින් බිම වැටුණේය.