පිලිස්තියයාද පිටත්ව ඇවිත් දාවිත්ට ළංවේගන ආවේය; පලිහ ගෙනයන මනුෂ්‍යයාත් ඔහුට පෙරටුවෙන් ආවේය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නුඹේ අතේ තිබෙන හෙල්ලය හායි දෙසට දිගුකරන්න; මක්නිසාද මම ඒක නුඹ අතට දෙන්නෙමියි කීසේක. යෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නුවර දෙසට දිගුකෙළේය.
ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.
පිලිස්තියයා බලා දාවිත් දුටු විට ඔහුට ගර්හාකෙළේය. මක්නිසාද ඔහු රතු පාටවූ, ශෝභමාන පෙනීමක් ඇත්තාවූ තරුණයෙක් පමණක් විය.
ඔහුගේ මහ හෙල්ලයේ මිට වියන දණ්ඩට සමානය; ඔහුගේ හෙල්ලයේ තලය යකඩ ෂෙකෙල් හසියයක බරය. ඔහුගේ පලිහ ගෙනයන්නා ඔහුට පෙරටුවෙන් ගියේය.