එවිට සාවුල් පිලිස්තිවරුන් පස්සේ නොගොස් හැරී ආවේය. පිලිස්තිවරු තමුන්ගේ ස්ථානයට ගියෝය.
එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.
මෙසේ සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම ලැබුවායින් පසු වටකර සිටි තමාගේ සියලු සතුරන් වන මෝවබ්වරුන්ටත් අම්මොන් පුත්‍රයන්ටත් ඒදොම්වරුන්ටත් ශෝබාහි රජුන්ටත් පිලිස්තිවරුන්ටත් විරුද්ධව යුද්ධ කෙළේය. ඔහු ගිය ගිය තැන ජයගත්තේය.
පිලිස්තිවරු තමුන්ගේ සේනාවන් යුද්ධයට රැස්කළෝය, ඔව්හු යූදාට අයිතිවූ සොකෝහි එකතුව සොකෝටත් අසේකාටත් අතරේ එඵෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්තෝය.