නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිගුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය.
මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.
දුෂ්ටයා ඉදිරිපිට පසුබසින ධර්මිෂ්ඨයා කලඹා තිබෙන උල්පතක්ද නරක්කළ ජලාකරයක්ද මෙන්ය.
එවිට සෙනඟගෙන් එක්කෙනෙක් කථාකරමින්: නුඹේ පියාණෝ අද කෑම කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ තදින් දිවුරෙවුවාහ. මෙසේ සෙනඟද විඩාවී සිටිතියි කීවේය.
එවිට යොනාතාන් කථාකොට: මාගේ පියාණන් දේශය කළඹා තිබේ. මේ මීපැණි ටික කෑමෙන් මාගේ ඇස් පැහැදුණ හැටි බලන්න.
නුඹ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.
තවද ඔව්හු අත්තික්කා කැටියකින්, කැබෙල්ලක්ද මුද්‍රිකඵල පොකුරු දෙකක්ද ඔහුට දුන්නෝය; ඔහු කෑ පසු ප්‍රාණවත්විය. මක්නිසාද ඔහු දවල් තුනකුත් රෑ තුනකුත් කෑම කෑවේවත් වතුර බීවේත් නැත.