Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 සාමුවෙ 13:3

Sinhala Revised Old Version

යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

එවිට යෝවාබ් හොරණෑව පිම්බේය, මුළු සෙනඟද නැවතුණේය, ඔවුන් තවත් ඉශ්‍රායෙල්වරුන් පස්සේ එළවාගන ගියේවත් තවත් යුද්ධකෙළේවත් නැත.

බෙන්යමියයෙක්වූ බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා නම්වූ දුර්ජන මනුෂ්‍යයෙක් එහි සිටියේය. ඔහු හොරණෑව පිඹ: දාවිත් තුළ කොටසක්වත් යෙස්සේගේ පුත්‍රයා තුළ කිසි උරුමයක්වත් අපට නැත. ඉශ්‍රායෙල්වරුනි, ඒ ඒ මනුෂ්‍යයා තම තමාගේ කූඩාරම්වලට යේවයි කීය.

දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්-ලෙහෙම්හි සිටියාහ.

ඔව්හු කඳු මාවත පසුකර ඇවිත්, ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමාය කම්පාවෙයි, සාවුල්ගේ ගිබෙයාය පලාගියේය.

මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි.

කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.

බෙන්යමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ එහි පිට-බිම්ද ගෙබා සහ එහි පිට-බිම්ද,

ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,

ස්වාමීන්වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළවූයේය; ඔහු හොරණෑවක් පිම්බේය; එවිට අබියෙශෙර්වරු ඔහු ළඟට රැස්වූහ.

ඊට පසුව නුඹ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. නුඹ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා නුඹට සම්බවන්නේය.

සාවුල්ද තමාගේ පුත්‍රවූ යොනාතාන්ද ඔවුන් සමඟ සිටි සෙනඟද බෙන්යමිය ගෙබාහි නැවතී සිටියෝය. නුමුත් පිලිස්තිවරු මික්මාෂ්හි කඳවුරු බැන්දෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්