යූදා පුත්‍රයන්ගෙනුත් බෙන්යමින් පුත්‍රයන්ගෙනුත් එප්‍රායිම් සහ මනස්සේ පුත්‍රයන්ගෙනුත් යෙරුසලමෙහි වාසයකළ අය නම්:
මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්‍රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය.
යූදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත්‍රවූ ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රිගේ පුත්‍රවූ අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයිය.
යළිදු, ලෙවීවරුන්ට පසු සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට තමුන්ගේ සිත් යොමුකරගත් අය තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිස යෙරුසලමට ආවෝය.
එසේ වුවත් ආෂෙර්හිද මනස්සේහිද සාබුලොන්හිද නොයෙක් දෙනෙක් යටත්වී යෙරුසලමට ආවෝය.
තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.