ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝද සත්දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝය.
නුඹලා විසින් කරන්ට ඕනෑ දේ මේය–සබත් දවසේදී ඇතුල්වෙන නුඹලාගෙන් තුනෙන් කොටසක් රජ ගෙදර මුරට සිට,
නුඹලාගෙන් කොට්ඨාස දෙකක්වන සබත් දවසේදී පිටත යන සියල්ලෝම රජු ළඟ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මුරකරන්න.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවූ ආරොන්ට අණකළ ප්‍රකාරයට ඔහු ලවා කෙරෙවු නියෝගය ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීමට ඔවුන්ගේ මෙහෙයේ පිළිවෙළ මේය.
නැගෙනහිරද බස්නාහිරද උතුරද දකුණද යන සතර පැතිවල දොරටුපාලයෝ සිටියෝය.
මක්නිසාද ඒ ලෙවීවරු වන ප්‍රධාන දොරටුපාලයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන්වහන්සේගේ ගෘහයෙහි ඇතුල් ගෙවල්ද ගබඩාවල්ද බලාගත්තෝය.
නුඹලා කරන්ට ඕනෑ දේ මේය: සබත් දවසේදී ඇතුල්වෙන පූජකයන්ද ලෙවීවරුන්ද වන නුඹලාගෙන් තුනෙන් කොටසක් දොරටුපාලයන් විය යුතුය;
ලෙවීවරුද සියලු යූදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.