තමුන්ගේ පිය වංශවල ප්‍රධානියන්වූ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථවූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක්ද යන අයය.
හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය.
බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.
ඔහුගේ පුත්‍රවූ ෂෙමායා නිසාත් පුත්‍රයෝ උපන්නෝය, ඔව්හු බලවන්ත මනුෂ්‍යයෝව සිටි නිසා තමුන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයෝව සිටියෝය.
මල්කීයාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත්‍රවූ යෙරොහාම්ගේ පුත්‍රයා වන අදායාද ඉම්මේර්ගේ පුත්‍රවූ මෙෂිල්ලේමීත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත්‍රවූ යාසේරාගේ පුත්‍රයා වන අදියෙල්ගේ පුත්‍රවූ මයසයිද;
ලෙවීවරුනම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අස්රිකාම්ගේ පුත්‍රවූ හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායාය;
බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයන්වූ ඔවුන්ගේ සහෝදරයන් එකසිය විසිඅට දෙනෙක්ද යන මොව්හුය. හග්ගෙදෝලීම්ගේ පුත්‍රවූ සබ්දීයෙල් ඔවුන් කෙරෙහි මුලාදෑනියාව සිටියේය.