ඔහුගේ සහෝදරවූ එෂෙක්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ ඌලාම්ය, දෙවෙනියාවූ යෙවූෂ්ය, තුන්වෙනියාවූ එලිපෙලෙත්ය.
ආශෙල්ට පුත්‍රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආශෙල්ගේ පුත්‍රයෝය.
ඌලාම්ගේ පුත්‍රයෝ බලවන්ත මනුෂ්‍යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්‍රයෝද පුත්‍රයන්ගේ පුත්‍රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්‍රයෝය.