උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.
එල්කානා සහ ඉෂ්ෂියාද අසරියෙල්ද යෝවෙසෙර්ද යෂොබෙයාම්ද යන කොරාවරුය.
උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය,දෙවෙනියාවූ ඉෂ්ෂියාය.
ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.
ඔවුන් සමඟ තමුන්ගේ පරම්පරා වශයෙන්ද තමුන්ගේ පිය වංශවල ප්‍රකාරයටද ගණනින් තිස්හයදහසක්වූ යුද හමුදාවල් සිටියෝය. ඔවුන්ට බොහෝ භාර්යාවරුත් පුත්‍රයෝත් වූහ.