Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 7:14

Sinhala Revised Old Version

මනස්සේගේ පුත්‍රයෝ: ඔහුගේ භාර්යාව බිහිකළ අසරියෙල්ය. (ඔහුගේ අරමීය උපභාර්යාව ගිලියද්ගේ පියවූ මාකීර් බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ඊසාක් පදන්-ආරාමේ සිරිය බෙතුයෙල්ගේ දූවූ සිරිය ලාබන්ගේ සහෝදරීවූ රෙබෙකා තම භාර්යාව කොට පාවාගත් කල්හි හතලිස් අවුරුදු වයස් විය.

එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.

නප්තලීගේ පුත්‍රයෝ නම්: බිල්හාගේ පුත්‍රයෝවූ යාහශියෙල්, ගුනී, යේශෙර් සහ ෂල්ලුම්ය.

මාකීර් හුප්පීම් සහ ෂුප්පීම්ගේ සහෝදරීවූ මයකා භාර්යාකොට පාවාගත්තේය.) දෙවෙනියාගේ නම ශෙලොපෙහාද්ය. ශෙලොපෙහාද්ට දූවරු සිටියෝය.

තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ නම්:

එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය.

ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.

අමලෙක්හි මුල ඇත්තෝ එප්‍රායිම් කෙරෙන් ආවෝය; එම්බා බෙන්යමින්, නුඹ පස්සේ, නුඹේ සෙනඟ අතරේ ආවෝය. මාඛීර් කෙරෙන් ආණ්ඩුකාරයෝද සාබුලොන් කෙරෙන් සේනාපතියාගේ ලේකම් සැරයටිය දරන්නෝද ආහ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්