බෙන්යමින් ගෝත්‍රයෙන් ගෙබා සහ ඒකේ පිට-බිම්ද අල්ලෙමෙත් සහ ඒකේ පිට-බිම්ද අනතෝත් සහ ඒකේ පිට-බිම්ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නුවරවල් දහතුනක්ය.
තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.
ආෂාන් සහ ඒකේ පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ ඒකේ පිට-බිම්ද;
කොහාත්ගේ අනික් පුත්‍රයන්ට [එප්‍රායිම්] ගෝත්‍රයේ පවුල්වලින්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
ඒහුද්ගේ පුත්‍රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.
බෙත්-ගිල්ගාලෙනුත් ගෙබාහිද අස්මාවෙත්හිද කෙත්වලිනුත් රැස්වූවෝය. මක්නිසාද ගීතිකාකාරයෝ යෙරුසලම අවට ගම් සාදාගෙන සිටියෝය.
ගල්ලීම් දියණියෙනි, නුඹේ හඬ නඟා මොරගසන්න! ලයිෂා, ඇහුම්කන්දෙන්න! අනේ අසරණ අනතොත්!
බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.
ඔවුන්ගෙන් කිසිවෙක්ද ඉතිරි නොවන්නේය. මක්නිසාද මම අනතෝත්හි මනුෂ්‍යයන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම් කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.
කෙපර්-අම්මෝනිද ඔප්නීද ගෙබාද යන නුවරවල් දොළොස සහ ඒවායේ ගම්ය.
යොනාතාන් ගෙබාහි සිටි පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පහරදුන්නේය, එපවත් පිලිස්තිවරුන්ට ආරංචිවිය. සාවුල්ද හෙබ්‍රෙව්වරු අසත්වයි කියා දේශය මුළුල්ලෙහි හොරණෑව පිම්බෙවුවේය.