සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලාවූ යෝවෙල් සහ දෙවෙනියාවූ අබියාය.
ඔහුගේ පුත්‍රයා එලියාබ්ය, ඔහුගේ පුත්‍රයා යෙරොහාම්ය, ඔහුගේ පුත්‍රයා එල්කානාය.
මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලීය, ඔහුගේ පුත්‍රයා ලිබ්නිය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය, ඔහුගේ පුත්‍රයා උස්සාය;
එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොව්හුය: කොහාත් පුත්‍රයන්ගෙන් ගායනාකාර හේමාන්ය. ඔහු යෝවෙල්ගේ පුත්‍රයාය, ඔහු සාමුවෙල්ගේ පුත්‍රයාය;
ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම යෝවෙල්ය; ඔහුගේ දෙවෙනියාගේ නම අබියාය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූවෝය.