අසරියාට දාව සෙරායාද සෙරායාට දාව යෙහෝශාදාක්ද උපන්නෝය;
තවද රැකවලුන්ගේ අධිපතිතෙම නායක පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපතියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
ෂල්ලූම්ට දාව හිල්කියාද හිල්කියාට දාව අසරියාද;
ස්වාමීන්වහන්සේ නෙබුකද්නෙශර් අතින් යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද වාල්කමට හරින විට යෙහෝශාදාක්ද ගියේය.
මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,
දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,
තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,