Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 5:6

Sinhala Revised Old Version

ඔහුගේ පුත්‍රයා බෙයේරාය, ඔහු අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර් විසින් වාලට ගෙනයනු ලැබුවේය. ඔහු රූබෙන්වරුන්ගේ අධිපතියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.

එකල ආහාස් අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් වෙතට පණිවිඩකාරයන් යවා: මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනවැයි කියා යැවුවේය.

ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.

ඔහුගේ පුත්‍රයා මීකාය, ඔහුගේ පුත්‍රයා රෙයායාය, ඔහුගේ පුත්‍රයා බාල්ය;

තමුන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියාතිබෙන තමුන්ගේ පවුල්වල හැටියට ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියාවූ යෙයීයෙල් සහ සෙකරියාය,

අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නේසර් ඔහු වෙතට ඇවිත් ඔහුට පීඩාකළා මිස ඔහු ශක්තිමත් කළේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්