Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 5:24

Sinhala Revised Old Version

ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔව්හු කොල්ලකාර හමුදාවට විරුද්ධව දාවිත්ට උපකාරකළෝය. මක්නිසාද ඔවුන් සියල්ලෝම බලවන්තයෝව සේනාවේ අධිපතියෝව සිටියෝය.

අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.

නම් වංශයෙන් සඳහන් කළ මොව්හු තමුන්ගේ පවුල්වල අධිපතියෝ වූහ. ඔවුන්ගේ පිය පෙළපත්ද බොහෝසෙයින් වර්ධනයවිය.

මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය.

නුමුත් ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කොට උන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශකළ රටවැසියන්ගේ දෙවිවරුන් අනුව යාමෙන් වේශ්‍යාකම්කළෝය.

උස්සීගේ පුත්‍රයෝ නම්: ඉස්රායා සහ ඉස්රායාගේ පුත්‍රයෝවූ මීකායෙල්ද ඔබදියාද යෝවෙල්ද ඉෂ්ෂියාද යන පස්දෙනාය. ඒ සියල්ලෝ ප්‍රධාන මනුෂ්‍යයෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්