ෂිමොන්ගේ පුත්‍රයෝ නම්: අම්නොන්, රින්නා, බෙන්-හානාන් සහ තීලොන්ය. ඉෂිගේ පුත්‍රයෝ නම්: සෝහෙත් සහ බෙන්-සෝහෙත්ය.
අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.
කෙයිලාගේ පියා වන නහම්ගේ සහෝදරීවූ, හෝදියාගේ භාර්යාවගේ පුත්‍රයෝ නම්: ගර්මී සහ මයකාතිය එෂ්තෙමෝවාය.
යූදාගේ පුත්‍රවූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියවූ ඒර්ද මරේෂාගේ පියවූ ලෙයෙදාද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල්ද;