යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඊරු, ඒලා සහ නයම්ය. ඒලාගේ පුත්‍රයන් සහ කෙනස්ය.
මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.
යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ නම්: ශීප්, ශීපා, තිරියා සහ අසරේල්ය.
කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.
යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.
එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය.
නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.