ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය;
රෙමලියාගේ පුත්‍රවූ පෙකාගේ දහහත්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ යෝතාම්ගේ පුත්‍රවූ ආහාස් රජවුණේය.
ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.
ඒලාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ හෝෂෙයාගේ තුන්වෙනි අවුරුද්දේදී යූදාහි රජවූ ආහාස්ගේ පුත්‍රවූ හෙසකියා රජවුණේය.
හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවුණේය.
ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය;
ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය.
නම් වශයෙන් ලියනලද මොව්හු යූදාහි රජවූ හෙසකියාගේ කාලයේදී ඇවිත් එහි සම්බවුණු මෙයූනිවරුන්ටත් ඔවුන්ගේ කූඩාරම්වලටත් පහරදී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින්ම නැතිකරදමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝය. මක්නිසාද ඔවුන්ගේ එළු බැටළු රැළවලට එහි තණබිම් තිබුණේය.
හෙසකියා විසිපස් අවුරුදු වයසේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම අබියාය, ඈ ශෙකරියාගේ දුවෙක්ය.
මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය.