සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය;
සාලමොන් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ රෙහොබොවම් ඔහු වෙනුවට රජවුණේය.
රෙහොබොවම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් සමඟ තැන්පත් කරනු ලැබුවේය. අම්මොනිය ස්ත්‍රියෙක්වූ ඔහුගේ මවුගේ නම නයමාය. ඔහුගේ පුත්‍රවූ අබියාම් ඔහු වෙනුවට රජවුණේය.
ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.
රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල යුද්ධ තිබුණේය.
අබියාම්ද තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළෝය. ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය.
ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය;
උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය.
යෙරොබොවම් රජුගේ දහඅටවෙනි අවුරුද්දේදී අබියා යූදා කෙරෙහි රජවී
මෙසේ අබියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය, ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජවී ඉශ්‍රායෙල්ට විරුද්ධව තමාගේ බලය පිහිටුවාගත්තේය.