Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 27:2

Sinhala Revised Old Version

පළමුවෙනි මාසයට පංක්තිය කෙරෙහි සබ්දියෙල්ගේ පුත්‍රවූ යාෂොබෙයාම් පත්ව සිටියේය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

4 හුවමාරු යොමු  

දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාම මේවාය: අධිපතීන්ට ප්‍රධානවූ තාකෙමොනිය යොෂෙබ්-බෂ්ෂෙබෙත්ය; ඔහු එක් වතාවකදී අටසිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරුවේය.

දාවිත්ට සිටි බලවන්තයන්ගේ ගණන මේය: හක්මොනියෙකුගේ පුත්‍රවූ, තිස්දෙනාගෙන් ප්‍රධානියාවූ යාෂොබෙයාම්ය; ඔහු එක් වතාවකදී තුන්සිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරීය.

අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.

ඔහු පෙරෙශ් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්ව පළමුවෙනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියාව සිටියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්