ලෙවීවරුන්ට කෙමුයෙල්ගේ පුත්‍රවූ හෂබියාය. ආරොන් වංශයට ශාදොක්ය.
සාවුල්ගේ සහෝදරයන්වූ බෙන්යමින් පුත්‍රයන්ගෙන් තුන්දහසක්ය. ඔවුන්ගෙන් වැඩි කොටස මේ වන තුරු සාවුල්ගේ වංශයට පක්ෂව සිටියෝය.
ඔව්හුද තමුන්ගේ සහෝදරයන් වන ආරොන්ගේ පුත්‍රයන් මෙන්ම දාවිත් රජුද ශාදොක්ද අහිමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි පසඇට දැමුවෝය; පිය වංශවල ප්‍රධානියා තමාගේ බාල සහෝදරයා මෙන්ම පසඇට දැමුවේය.
ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය.
හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය.
තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;
යූදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙක්වූ එලිහූය. ඉස්සාඛර්වරුන්ට මීකායෙල්ගේ පුත්‍රවූ ඔම්රීය.
ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයාය, ඔහු කොහාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයාය.