දොළොස්වෙනි මාසයට දොළොස්වෙනි අධිපතියා නම් ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටොපාතිය හෙල්දයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හෙලෙබ්ය, බෙන්යමින් පුත්‍රයන්ගේ ගිබියාහි රීබයිගේ පුත්‍රවූ ඉත්තයිය;
නෙටොපාතිය මහරයිය, නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හේලෙද්ය;
එකොළොස්වෙනි මාසයට එකොළොස්වෙනි අධිපතියා නම් එප්‍රායිම් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ පිරාතෝනිය බෙනායාය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;
කෙනස්ගේ පුත්‍රයෝ නම්: ඔත්නියෙල් සහ සෙරායාය. ඔත්නියෙල්ගේ පුත්‍රයෝ: හතත්ය.
කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.