හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියාද ඔහුගේ සහෝදරයෝද යන බලවන්තයන් එක්දහස් හත්සියයක් බස්නාහිර දිසාවේ යොර්දානෙන් මෙගොඩ ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැනද රජුගේ වැඩ ගැනද ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි පත්ව සිටියෝය.
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්ද ඉශ්හාර්ද හෙබ්‍රොන්ද උස්සීයෙල්ද යන සතර දෙනාය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.
ලෙවීවරුන්ට කෙමුයෙල්ගේ පුත්‍රවූ හෂබියාය. ආරොන් වංශයට ශාදොක්ය.
මෙන්න, ස්වාමීන්වහන්සේගේ සියලු කාරණා ගැන උත්තම පූජකවූ අමරියාද රජුගේ සියලු කාරණා ගැන යූදා වංශයේ අධිපතියාවූ ඉෂ්මායෙල්ගේ පුත්‍රවූ සෙබදියාද නුඹලාගේ ප්‍රධානියෝය. ලෙවීවරුද නුඹලා ඉදිරියෙහි මුලාදෑනීහු වෙති. ධෛර්යවත්ව ක්‍රියාකරන්න, ස්වාමීන්වහන්සේ යහපතුන් සමඟ වනසේක්වයි කීවේය.
අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.