ඔව්හු යුද්ධවලදී ලබාගත් කොල්ලයෙන් කොටසක් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියාකිරීම පිණිස කැපකළෝය.
දාවිත් රජ යටත්කරගත් සියලු ජාතීන් වන සිරියවරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද
ඒ මුදල් වැඩේ කළ තැනැත්තන්ට දී, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහය අලුත්වැඩියා කෙරෙවුවෝය.
ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේට කැපකෙළේය.
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
දර්ශනකාරයාවූ සාමුවෙල්ද කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ද විසින් කැපකළ සියල්ලත් කා විසින් නුමුත් කැපකළ දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේය.
මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.
රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.