මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත්‍රවූ ෂෙබූයෙල් ගබඩා කෙරෙහි ප්‍රධානියාව සිටියේය.
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ රෙහෙබියාය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූහ; නුමුත් රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය.
ලෙවීගේ අනික් පුත්‍රයෝ නම්: අම්රාම්ගේ පුත්‍රයන්ගෙන් ෂූබායෙල්ය; ෂූබායෙල්ගේ පුත්‍රයන්ගෙන් යෙදෙයාය.
අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.
අම්රාම්වරුත් ඉෂ්හාර්වරුත් හෙබ්‍රොන්වරුත් උස්සීයෙල්වරුත් වූවෝය.
එලියෙසෙර්ගෙන් පැවත ආවාවූ ඔහුගේ සහෝදරයොත් සිටියෝය. ඔහුගේ පුත්‍රයා රෙහබියාය, ඔහුගේ පුත්‍රයා යෙෂායාය, ඔහුගේ පුත්‍රයා යෝරාම්ය, ඔහුගේ පුත්‍රයා සික්රීය, ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත්ය.