බස්නාහිර පැත්තේ නගින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත් හොසාටත් වැටුණේය. ඔව්හු මාරුවෙන් මාරුවට සිටියෝය.
ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,
ඔව්හු ලොකු අය මෙන් කුඩා අයද ගෝලයා මෙන් ගුරුවරයාද තමුන්ගේ මෙහෙය ගැන පසඇට දැමුවෝය.
ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්තය; ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරයය.
නැගෙනහිරට සිටියේ ලෙවීවරු හදෙනෙක්ය, උතුරට දවසට හතරදෙනෙක්ය, දකුණට දවසට හතරදෙනෙක්ය, භාණ්ඩාගාරය ළඟ දෙදෙන දෙදෙනාය.
බස්නාහිරට පර්බර් ළඟ මාවතේ හතරදෙනෙක්ය, පර්බර්හි දෙදෙනෙක්ය.
ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.
ලෙවීවරුන්ගේ ප්‍රධානියන්වූ හෂබියා, ෂේරෙබියා සහ කද්මීයෙල්ගේ පුත්‍රවූ යේෂුවාද තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිට ඇතුව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත්ගේ අණ ලෙස ස්තුති ප්‍රශංසා කිරීමට මාරුවෙන් මාරුවට සිටියෝය.