Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 24:4

Sinhala Revised Old Version

ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේ සිටි ප්‍රධාන මනුෂ්‍යයන්ගේ ගණනට වඩා එලෙයාසර් පුත්‍රයන් අතරේ සිටියෝය; මෙලෙස ඔව්හු බෙදනු ලැබුවෝය. එලෙයාසර් පුත්‍රයන්ට පිය වංශවල ප්‍රධානීන් දහසය දෙනෙක්ද ඊතාමාර් පුත්‍රයන්ට ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානීන් අට දෙනෙක්ද සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.

තවද දාවිත් එලෙයාසර්ගේ පුත්‍රයන්ගෙන් ශාදොක්ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහීමෙලෙක්ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් බෙදුවේය.

දෙගොල්ල ගැනම එකට පසඇට දමා බෙදුවෝය; මක්නිසාද ශුද්ධස්ථානයේ අධිපතියොත් දෙවියන්වහන්සේගේ අධිපතියොත් එලෙයාසර් පුත්‍රයන් අතරේ සහ ඊතාමාර් පුත්‍රයන් අතරේත් වූහ.

සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.

යෝයාකීම්ගේ දවස්වල පියපෙළපත්වල ප්‍රධානියෝවූ පූජකයෝ නම්: සෙරායාගෙන් මෙරායාය; යෙරෙමියාගෙන් හනනියාය;




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්