උස්සීයෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකාය; මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර්ය.
උස්සීයෙල්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ මීකාය,දෙවෙනියාවූ ඉෂ්ෂියාය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.
මීකාගේ සහෝදරයාවූ ඉෂ්ෂියාය. ඉෂ්ෂියාගේ පුත්‍රයන්ගෙන් ශෙකරියාය.
ඇරත් පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවල අය දෙවියන්වහන්සේගේ ගෘහයේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවලදී සියලු ආකාර වැඩට ප්‍රඥාවද කැමැත්තද ඇති හැම දෙනාත් නුඹ සමඟ සිටිති. ඇරත් අධිපතියොත් මුළු සෙනඟත් නුඹේ අණට මුළුමනින් යටත්වන්නාහුයයි කීවේය.
ලෙවීවරුද සියලු යූදාවරුද යෙහෝයාදා පූජකයා විසින් අණකළ සියල්ල ලෙස කොට, එකිනෙකා තම තමාගේ මිනිසුන් වන සබත් දවසේදී ඇතුල්වෙන තැනැත්තන් පිටත යන තැනැත්තන් සමඟ කැඳවාගත්තෝය; මක්නිසාද යෙහෝයාදා පූජක තෙම රැකවල් පංක්ති නිදහස්කර නොහැරියේය.
හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.
මෝසෙස්ගේ පොතේ ලියා තිබෙන ප්‍රකාරයට ඔව්හු පූජකයන් ඔවුන්ගේ කොට්ඨාසවල හැටියටත් ලෙවීවරුන් ඔවුන්ගේ පංක්තිවල හැටියටත් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ මෙහෙය පිණිස පත්කළෝය.