ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.
ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු අධිපතීන්ද පූජකයන්ද ලෙවීවරුන්ද රැස්කෙළේය.
ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.
තුන් අවුරුදු වයසේ පටන් වංශ වශයෙන් ලියවුණ ඔවුන්ගේ පිරිමින් හැර තමුන්ගේ පංක්තිවල හැටියට තමුන්ගේ තනතුරු ලෙස සේවය කිරීමට දවසින් දවස ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වූ සියල්ලන්ටත් එසේ දුන්නෝය.
ලෙවීවරුන් සම්බන්ධ කාරණය මෙසේය–විසිපස් අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තෝ සම්මුඛවීමේ කූඩාරමේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙත්වා.