දාවිත්ගේ අන්තිම වචනවල හැටියට විසි අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති පුත්‍රයෝ ගණන්ගන්නාලද්දෝය.
තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:
ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.
මණ්ඩපය සහ එහි සේවයට අයිති සියලු බඩුත් ලෙවීවරුන්ට තවත් ගෙනයන්ට වෙන්නේ නැත කියාද දාවිත් කීවේය.
මක්නිසාද ඔවුන්ගේ තනතුර නම් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් ආරොන්ගේ පුත්‍රයන්ට උපකාරකිරීමය. එනම්: මිදුල්ද ඇතුල් ගෙවල්ද සියලු ශුද්ධ දේවල් පවිත්‍රකිරීමද දෙවියන්වහන්සේගේ ගෘහයේ සේවයේ වැඩද
ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.
එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,
යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.
ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.
තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.