ඉශ්හාර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ ෂෙලොමිත්ය.
එලියෙසෙර්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ රෙහෙබියාය. එලියෙසෙර්ට වෙන පුත්‍රයෝ නුවූහ; නුමුත් රෙහෙබියාට පුත්‍රයෝ බොහෝදෙනෙක් සිටියෝය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, හතරවෙනියාවූ යෙකමෙයාම්ය.
ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත්ය; ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් යාහත්ය.
මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.
කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. කොහාත්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්තුනක් විය.