තවද කර්මාන්තකාරයෝ වන ගල්වඩුවෝද ගල් හා ලී වැඩ කරන්නෝද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝද බොහෝ දෙනෙක්ම නුඹට සිටිති;
තවද තීර්හි රජවූ හීරාම් පණිවිඩකාරයන්ද කිහිරි ලීද වඩුවන්ද ගල් වඩුවන්ද දාවිත් වෙතට එවුවේය. ඔව්හු දාවිත්ට ගෙයක් ගොඩනැගුවෝය.
ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.
මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.
ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.
නුමුත් ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද උන්වහන්සේ දරන්ට අනවකාශව තිබෙද්දී උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට කාට පුළුවන්කම තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සුවඳදුම් ඔප්පුකිරීමට මිස උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මම කවරෙක්ද?
ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.
ඒඵොද් සැට්ටය රනින්ද, නිල්, රත්නිල්, රතු නූල්වලින්ද කටිනලද සිහින් හණ නූලින්ද දක්ෂ කම්කරුවාගේ කර්මාන්තය ලෙස සාදත්වා.
බැඳීමට මැණික් කැපීමටත් ලීවලින් කැටයම් වැඩ කිරීමටත්
කැටයම්කරන්නාගේද දක්ෂ කම්කරුවාගේද නිල්, රත්නිල්, රතු නූලින් සහ සිහින් හණවලින් ගොතන්නාගේද වියන්නාගේද කොයි කර්මාන්තයක් නුමුත් කරන්නාගේද දක්ෂ කර්මාන්ත යොදන්නන්ගේද සියලු ආකාර කර්මාන්ත කරන්ට ඔවුන්ගේ සිත් ප්‍රඥාවෙන් පූර්ණකළසේක.