තුන් අවුරුදු සාගතයක් හෝ තුන් මාසයක් නුඹේ එදිරිකාරයන්ගේ කඩුවට නුඹ අසුවී නුඹේ සතුරන් අතින් විනාශවීම හෝ තුන් දවසක් ස්වාමීන්වහන්සේගේ කඩුව වන වසංගතය දේශයට පැමිණ ස්වාමීන්වහන්සේගේ දූතයා විසින් ඉශ්‍රායෙල් පළාත් මුළුල්ලෙහි විනාශකිරීම හෝ තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඒ නිසා මා එවූ තැනන්වහන්සේට මා විසින් මොන උත්තරයක් දෙන්ටද කියා කල්පනාකරන්නැයි කීවේය.