ෂේෂාන් තමාගේ වැඩකාරයාවූ යර්හාට තමාගේ දුව භාර්යාකොට දුන්නේය; ඈ ඔහු නිසා අත්තයි බිහිකළාය.
ෂේෂාන්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ෂේෂාන්ට මිසරයෙක්වූ යර්හා නම් වැඩකාරයෙක් සිටියේය.
අත්තයිට දාව නාතාන් උපන්නේය, නාතාන්ට දාව සාබාද් උපන්නේය;