ෂම්මයිගේ සහෝදරවූ යාදාගේ පුත්‍රයෝනම්: යෙතෙර් සහ යොනාතාන්ය. යෙතෙර් දරුවන් නොලැබ මළේය.
ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ යාදාය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂූර්ය.
අප්පයිම්ගේ පුත්‍රයෝ: ඉෂීය. ඉෂීගේ පුත්‍රයෝ: ෂේෂාන්ය. ෂේෂාන්ගේ පුත්‍රයෝ: ආලයිය.
යොනාතාන්ගේ පුත්‍රයෝ නම්: පෙලෙත් සහ සාසාය. මොව්හු යෙරාමෙයෙල්ගේ පුත්‍රයෝය.