Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 19:7

Sinhala Revised Old Version

මෙසේ ඔව්හු රථ තිස් දෙදාහසක්ද මයකාහි රජුද ඔහුගේ සෙනඟද කුලියට ගත්තෝය; ඔව්හු ඇවිත් මේදෙබා ඉදිරිපිට කඳවුරු බැඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.

රථ දහසක්ද අසරුවන් සත් දහසක්ද පාබළ සෙනඟ විසි දහසක්ද ඔහුගෙන් අල්ලාගෙන, රථ-අශ්වයන් සියයක් ඉතුරුකරගෙන, අනික් සියලු අශ්වයන්ගේ කුදි කැපුවේය.

අම්මොන් පුත්‍රයෝත් තමුන්ගේ නුවරවලින් රැස්ව සටනට ආවෝය. දාවිත් ඒ අසා යෝවාබ්ද බලවන්තයන්වූ මුළු සේනාවද යැවීය.

ඔවුන්ට විරුද්ධව කූෂ්හි සෙරා දශලක්ෂයක් සෙනඟද රථ තුන්සියයක්ද අඩංගුවූ සේනාවක් ඇතුව පිටත්වී මාරෙෂා දක්වා ආයේය.

මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.

අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.

අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.

ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,

එනම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද දීබොන් දක්වා තිබෙන මේදෙබාහි මුළු තලාවද,

ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. මක්නිසාද ඔහුට යකඩ රථ නවසියයක් තිබුණේය; ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විසි අවුරුද්දක් බලවත් ලෙස පීඩා කෙළේය.

පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්