Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 19:3

Sinhala Revised Old Version

එවිට අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු හානූන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? ඔහුගේ සේවකයන් ඔබ වෙතට ආවේ දේශය විභාගකර, ඔත්තු බලා, ඒක නාස්තිකරන අදහසින් නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

එහෙත් අම්මොන් පුත්‍රයන්ගේ අධිපතීහු තමුන්ගේ ස්වාමිවූ හානුන්ට කථාකොට: දාවිත් ඔබ ළඟට සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබගේ පියාණන්ට ගෞරවකරන්නේයයි ඔබ සිතනවාද? දාවිත් තමාගේ සේවකයන් ඔබ වෙතට එව්වේ නුවර සෝදිසිකර ඔත්තු බලා ඒක විනාශකරන අදහසින් නොවේදැයි කීවෝය.

දාවිත් වනාහි: හානූන්ගේ පියවූ නාහාෂ් මට කරුණාව පෙන්වූ නිසා මමත් හානූන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවීය. දාවිත්ගේ සේවකයෝ හානූන් සනසන්ට අම්මොන් පුත්‍රයන්ගේ දේශයට ඔහු වෙතට පැමුණුණෝය.

එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.

දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.

එහෙත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝපවී ඔහුට කථාකොට: ඒ මනුෂ්‍යයාට නුඹ නියමකළ ස්ථානයට හැරී යන පිණිස ඔහු යන්ට හරින්න, ඔහු යුද්ධයේදී අපට විරුද්ධකාරයෙකු නොවෙන පිණිස ඔහු අප සමඟ යුද්ධයට නොයේවා. මේ මිනිහා නැවත තමාගේ ස්වාමියා හා සමඟි වෙන්නේ මොකකින්ද? මේ මිනිසුන්ගේ හිස් කරණකොටගෙන නොවේද?

ආකීෂ් උත්තරදෙමින්: ඒක දනිමි, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන් නුඹ මාගේ ඇස් හමුවෙහි යහපත් බව දනිමි. නුමුත් පිලිස්තිවරුන්ගේ අධිපතීහු–ඔහු අප සමඟ යුද්ධයට නොයන්නේයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්