සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයන් දුටුවිට, ඔව්හුද ඔහුගේ සහෝදරවූ අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් යෙරුසලමට ආයේය.
මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ; එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.
සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය.
නුඹලා නුඹලාගේ සතුරන් එළවන්නහුය, ඔව්හු නුඹලා ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය.
එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද?