ඉක්බිති අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් මළේය, ඔහුගේ පුත්‍රයා ඔහු වෙනුවට රජවිය.
යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.
දාවිත් වනාහි: හානූන්ගේ පියවූ නාහාෂ් මට කරුණාව පෙන්වූ නිසා මමත් හානූන්ට කරුණාව පෙන්වන්නෙමියි කියා ඔහුගේ පියා ගැන ඔහු සනසන පිණිස දූතයන් යැවීය. දාවිත්ගේ සේවකයෝ හානූන් සනසන්ට අම්මොන් පුත්‍රයන්ගේ දේශයට ඔහු වෙතට පැමුණුණෝය.
නුමුත් අම්මොන් පුත්‍රයන්ගේ රජවූ නාහාෂ් නුඹලාට විරුද්ධව එන බව නුඹලා දුටු කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ රජව සිටි නුමුත් නුඹලා–එසේ නොවේ, රජකෙනෙක් අප කෙරෙහි රජකම්කරන්ට ඕනෑයයි කීවහුය.