Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 18:16

Sinhala Revised Old Version

අහිතූබ්ගේ පුත්‍රවූ ශාදොක් සහ අබියාතර්ගේ පුත්‍රවූ අබිමෙලෙක් පූජකයෝව සිටියෝය; ෂව්ෂා ලේකම්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ෂෙවා වනාහි ලේකම්ය. ශාදොක්ද අබියාතර්ද පූජකයෝය.

අහිතුබ්ගේ පුත්‍රවූ ශාදොක් හා අබියාතර්ගේ පුත්‍රවූ අහිමෙලෙක් පූජකයෝව සිටියෝය; සෙරායා ලේකම්ව සිටියේය,

රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.

ෂීෂාගේ පුත්‍රයෝවූ එලීහොරෙප්ද අහියාද ලේකම්වරුය; අහිලූද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුවාය;

ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සේනාපතියාව සිටියේය; අහිලුද්ගේ පුත්‍රවූ යෙහෝෂාපාට් වාර්තාකරුව සිටියේය.

යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් ප්‍රධානියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද රජු වෙත ප්‍රධානියෝව සිටියෝය.

තවද දාවිත් එලෙයාසර්ගේ පුත්‍රයන්ගෙන් ශාදොක්ද ඊතාමාර් පුත්‍රයන්ගෙන් අහීමෙලෙක්ද සමඟ ඔවුන්ගේ මෙහෙයේ නියමයේ ප්‍රකාරයට ඔවුන් බෙදුවේය.

ලෙවීයයෙක්වූ නෙතනේල්ගේ පුත්‍රවූ ෂෙමායා නම් ලේකම් රජුද අධිපතීන්ද ශාදොක් පූජකයාද අබියාතර්ගේ පුත්‍රවූ අහීමෙලෙක්ද පූජකයන්ගේ සහ ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ද ඉදිරියෙහි ඔවුන්ගේ නාම ලියුවේය. එලෙයාසර්ට එක පිය වංශයක්ද ඊතාමාර්ට එක පිය වංශයක්ද බැගින් ගන්නාලද්දේය.

නුමුත් අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ අබියාතර් ගැළවී දාවිත් වෙතට පලාගියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්