Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 18:12

Sinhala Revised Old Version

ඇරත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි ලුණු මිටියාවතේදී ඒදොම්වරුන්ගෙන් දහ අට දහසකට පහරදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

23 හුවමාරු යොමු  

අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට;

සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය.

දාවිත් අබිෂයිට කථාකොට: දැන් අබ්සලොම්ට වඩා, බික්‍රිගේ පුත්‍රවූ ෂෙබා අපට අනතුරුකරනවා ඇත. ඔහු පවුරු ඇති නුවරවල් අත්කරගෙන අපෙන් ගැළවී නොයන පිණිස, නුඹේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගන ඔහු ලුහුබැඳ යන්නැයි කීවේය.

නුමුත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි රජුට උපකාරකොට පිලිස්තියයාට පහරදී ඔහු මැරුවේය. එවිට දාවිත්ගේ මිනිස්සු: ඉශ්‍රායෙල්ගේ පහන නොනිවන පිණිස ඔබ තවත් අප සමඟ යුද්ධයට නොයායුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝය.

ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.

අබ්නේර් ගිබියොන්හි සටනේදී තමුන්ගේ සහෝදරවූ අසාහෙල් මැරූ නිසා යෝවාබ්ද ඔහුගේ සහෝදරවූ අබීෂයිද මෙසේ ඔහු මරාදැමුවෝය.

ඔහුම මාගේ නාමයට ගෘහයක් ගොඩනගන්නේය, ඔහුගේ රජකමේ සිංහාසනයද සදාකාලේටම ස්ථිරකරන්නෙමි.

එනම් දාවිත් ඒදොම්හි සිටිද්දී ඒදොම්හි සියලු පිරිමින් මරාදැමුවායින් පසු සේනාපතිවූ යෝවාබ් මැරුම්කෑ තැනැත්තන් තැන්පත් කරන පිණිස ගිය කල මෙසේ විය.

ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.

යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගෙන් ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා, තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය.

ඒ බඩුත් දාවිත් රජ සියලු ජාතීන්ගෙන් එනම් ඒදොම්වරුන්ගෙන්ද මෝවබ්වරුන්ගෙන්ද අම්මොන් පුත්‍රයන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද ගත්තාවූ රන් රිදී සමඟ ස්වාමීන්වහන්සේට කැපකෙළේය.

ඔහු ඒදොම්හි මුර හමුදාවල් තැබුවේය; සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූවෝය. දාවිත් ගිය ගිය තැන ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.

ඉතිරි සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටින පිණිස තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදුන්නේය.

මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගයිල්ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයිද යෝවාබ්ද අසාහෙල්ද යන තුන්දෙනාය.

ඉක්බිති අමශියා ධෛර්ය උපදවා, තමාගේ සෙනඟ කැඳවාගෙන ලුණු මිටියාවතට පැමිණ සෙයිර් පුත්‍රයන්ගෙන් දසදහසක් මැරීය.

දෙවියන්වහන්ස, ඔබ අප ඉවතලූසේක, අප විසුරුවා දැමූසේක; ඔබ උදහස්වූසේක; අප පළමු ස්වභාවයට පැමිණෙවුව මැනව.

ඔබ දේශය කම්පාකරවූසේක; එය ඉරා දැමූසේක. ඒකේ බිඳුම් පිළියම්කළ මැනව; මක්නිසාද එය සෙලවෙයි.

එවිට දාවිත් හිත්තීය අහිමෙලෙක්ටත් ශෙරුයාගේ පුත්‍රවූ, යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයිටත් කථාකොට: සාවුල් ළඟට මා සමඟ කඳවුරට යන්නේ කවුදැයි ඇසුවේය. මම ඔබ සමඟ යමියි අබිෂයි කීවේය.

එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්