Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 ලේකම් 16:6

Sinhala Revised Old Version

පූජකයෝවූ බෙනායාද යහසියෙල්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි නිතරම නළා පිම්බෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ඔවුන් සමඟ දොරටුපාලයන් කොට තමුන්ගේ බාල සහෝදරයන් වන සෙකරියාද බෙන්ද යයසීයෙල්ද ෂෙමිරාමොත්ද යෙහීයෙල්ද උන්නිදි එලියාබ්ද බෙනායාද මයසේයාද මත්තිතියාද එලීපෙලේහුද මික්නේයාද ඕබෙද්-ඒදොම්ද යෙයියෙල්ද පත්කළෝය.

පූජකයෝවූ ෂෙබනියාද යෝෂාපාට්ද නෙතනෙල්ද අමසයිද සෙකරියාද බෙනායාද එලීයෙසෙර්ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය පෙරටුවෙන් නළා පිම්බෝය. ඵිබෙද්-ඒදොම්ද යෙහියාද ගිවිසුම් පෙට්ටිය උදෙසා දොරටුපාලයෝව සිටියෝය.

එනම් ප්‍රධානියා ආසාප්ය, ඔහු ළඟට ශෙකරියා, යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලීයාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ය; මොව්හු වීණාවලින්ද මහ වීණාවලින්ද ගායනාකළෝය; නුමුත් ආසාප් අත්තල්වලින් ශබ්ද පැවැත්තුවේය;

දාවිත් ආසාප්ද ඔහුගේ සහෝදරයන්ද ලවා ස්වාමීන්වහන්සේට ස්තුතිකරවීමට පළමුවෙන් නියමකෙළේ ඒ දවසේදීය.

මෙන්න, දෙවියන්වහන්සේ අප කෙරෙහි ප්‍රධානව අප සමඟ සිටිනසේක, නුඹලාට විරුද්ධව පිඹින පිණිස හොරණෑ ගත් උන්වහන්සේගේ පූජකයෝද සිටිති. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද නුඹලා සඵල නොවන්නහුයයි කීවේය.

පූජකයෝවූ ආරොන්ගේ පුත්‍රයෝ හොරණෑ පිඹිත්වා; ඒවා නුඹලාගේ පරම්පරාවල නුඹලාට නිරන්තර පනතක් පිණිස වන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්